Search This Blog

Thursday, January 17, 2019

Sensor Carburetor (Throttle Position Sensor Carburetor)



මේ carburetors වල තියෙනවා sensor එකක්. ඒකනේ sensor carburetor කියන්නේ 😊

ඒ sensor එකෙන් ඇත්තටම කරන්නේ මොකක්ද? 😏
Carb එක රත් කරන එකද?
Petrol පිච්චෙන එක අඩු කරන එකද?
Petrol අඩු-වැඩි කරන එකද? 😒

TPS එකෙන් වෙන්නේ accelerator එක කරකවද්දි carb එක ඇතුලේ තියෙන butterfly spindle position එක read කිරීම. එහෙමත් නැත්නම් butterfly spindle එක ඇරිලා තියෙන ප්‍රමානය මැනීම.




ඇයි මෙහෙම butterfly spindle position එක read කරන්නේ? 😕

Switch on කරලා කික් කරලා හරි self start motor එකෙන් හරි එන්ජින් එක කරකවලා දුන්නාම ignition system එකෙන් තමයි එන්ජින් එක නතර නොවී එක දිගටම ස්ටාර්ට් එකේ තියාගන්නේ. සරලව කියනවා නම් fly wheel එක කැරකෙද්දි pulser coil එක දෙන සිග්නල් එකට අනුව spark plug එක පත්තු වෙන්න ඕන වෙලාව CDI unit එකෙන් ignition coil එකට කියනවා. ඒ වෙලාවට plug එක පත්තු වෙනවා. Engine එකේ RPM වැඩි වෙද්දි plug එක පත්තු වෙන වේගෙත් ඊට සමානුපාතිකව වැඩි වෙනවා. Low RPM එකකදි නියම timing වලට plug එක පත්තු කරන්න පුළුවන් වුනත් වැඩි RPM එකකදි CDI unit එකෙන් plug එක පත්තු කරන්න දෙන signal එක 100% ක් නිවැරිදි වෙන්නේ නැහැ.

CDI unit එකෙන් ignition coil එක⁣ට දෙන signal එක වඩාත් නිවැරදි කරගන්න තමයි carb එකට sensor එකක් ඇවිත් තියෙන්නේ. Accelerator එක කරකවද්දි engine එකේ RPM වැඩි වෙනවා වගේම Carb එකේ තියෙන sensor එකෙන් butterfly spindle position එක read කරලා CDI unit එහෙමත් නැත්නම් ECU (engine control unit) එකට signals දෙනවා. Pulser coil එකෙනුත් signals දෙනවා. CDI unit එකට මූලාශ දෙකකින් signals එනවා. එතකොට spark plug එක පත්තු කරන්න ignition coil එකට signal යවන්න ඕන නිවැරදිම වෙලාව තීරණය කරගැනීම වඩාත් පහසු වෙනවා. ඒ වගේම ඒ signals වලට අනුව Ignition advance or retard කිරීමත් සිදු කරනවා.

TPS Carb නැත්නම් sensor carb වලින් වෙන්නේ ඕක තමයි.

Sensor carb ආව engines වල TPS carb නැති engines වලට වඩා performance වෙනසකුත් තියෙනවා කියලා තමයි කියන්නේ.